Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව ආයතන
  1. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
    ජාතික භෞතික සැලසුම් සැලසුම් ප්‍රතිපත්ති, සැලසුම් සහ උපාය මාර්ග සම්පාදනය සහ ඒවා කලාපීය සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන බවට සහතික කිරීම හා සමාලෝචනය තුළින් රටෙහි භූමිය හා ජල සම්පත කෙරෙහි බලපාන ආර්ථික, සමාජීය, භෞතික හා පාරිසරික කටයුතු සහ ඒකාබද්ධ සැලසුම් ක්‍රම‍වත් බවට පත්කිරීම සහ ඉදිරියට ගෙනයෑම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු‍වේ මෙහෙවරයි. මෙහි ප්‍රධාන කාර්යභාරයක් වනුයේ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්ති සහ ජාතික භෞතික සැලසුම සකස් කිරිමයි. මේවා සකස් කරනු ලදුව ජාතික භෞතික සැලසුම් කවුන්සිලයේ අනුමැතිය ලබා 2007 ජුලි මස 03 වැනි දින අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.
    වැඩිදුර ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ගැන...
  2. නාගරික සංවර්ධන අධිකාරිය
    නාගරික සංවර්ධන අධිකාරිය නගර සැලසුම් සහ තිරසාර නගර සංවර්ධනය කිරීම් යනාදි විවිධ අංශයන්ගෙන් සමන්විත ආයතනයකි. එහි වගකීම වනුයේ නාගරික ප්‍රදේශ සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීමයි. එමෙන්ම පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට සහ වෙනත් ආයතන වලට එම කටයුතු සම්බන්ධව උපදේශන සේවා සැපයීම ද කරයි. සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සදහා සහ දේශීය සහ විදේශීය නියෝජිතයන්ගේ අවශ්‍යතා සදහා නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් බැංකුවක් පවත්වාගෙන යන අතර සේවා දායක ආයතන වල විශාල ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම ද කරනු ලබයි. රටෙහි නාගරික ප්‍රදේශ වලින් ජාතික ආර්ථිකයට දායකත්වය වැඩිකිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය විශාල ව්‍යාපෘති වලට දායක වේ. සංවර්ධන අවස්ථා සමානව බෙදීයාම සුරක්ෂිත කිරීම සදහා වරප්‍රසාද නොලත් අයගේ ප්‍රදේශ සදහා මෙම ව්‍යාපෘති ඉලක්ක කෙරේ.
    වැඩිදුර නාගරික සංවර්ධන අධිකාරිය ගැන...
  3. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව
    මෙහි මූලික පරමාර්ථය ජලගැලීම් රදවා ගැනීම සදහා ප්‍රමාණවත් ප්‍රදේශ හදුනාගනිමින් පහත් බිම් වගුරු ප්‍රදේශ ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමයි. මෙම සංස්ථාව සංවර්ධන ව්යාපෘති සදහා අත්‍යවශ්‍ය සංවර්ධන ඉඩම් ඌණතාවයට විසදුම් ලෙස වෙළඳ පදනමකින් ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීම ද කරනු ලබයි.
    වැඩිදුර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ගැන...
  4. සීමාසහිත රියල් එක්ස්චේන්ජ් (පෞද්ගලික) සමාගම - රීල්
    සීමාසහිත රියල් එස්ටේට් එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම යනු කොළඹ නගරය තුළ මුඩුක්කු සහ පැල්පත් වල වාසය කරන ජන ‍කොටස‍කගේ  නිවාස ප්‍රශ්නය විසදීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා‍ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති තිරසර පුරවර වැඩසටහන ඒකාබද්ධව පිහිටවාගත් හවුල්කාර සමාගමකි.
    වැඩිදුර සීමාසහිත රියල් එක්ස්චේන්ජ් (පෞද්ගලික) සමාගම ගැන...
  5. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය
    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය බිහි කිරීමේ අරමුණ ලෙස නාගරික ජනාවාස ඇති කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සකස් කි‍රීම, එය ක්‍රියාත්මක කිරීම, ස්ථාපිත කිරීම හා ඒ තුලින් අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම දැක්විය හැකිය.
    වැඩිදුර නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ගැන...