නඩත්තු අංශය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් අනෙකුත් අංශ මගින් මැදිහත් වූ පුරාවිද්‍යා ස්මාරක, තහනම් ඉඩම් ආරක්ෂා කරමින් පවත්වාගෙන යන ප්‍රධාන අංශය නඩත්තු අංශයයි.

ඉහත අරමුණු ඉටුකරගැනීම සඳහා පහත සඳහන් කාර්යන් ක්‍රියාත්මක කිරීම මෙම අංශය මගින් සිදු කරයි.

  1. මානව සහ ආයතනික සම්පත් ප්‍රවර්ධනය.
  2. පුරාවිද්‍යාත්මක තහනම් ඉඩම්, මායිම් යොදා ආරක්ෂා කර පවත්වාගෙන යාම.
  3. වසර තුළ තෝරා ගත් මූලික සංරක්ෂණයන්ට භාජනය වූ ආරක්ෂිත ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම, තහවුරු කිරිම, නඩත්තු කිරීම සහ උද්‍යාන මට්ටමින් පවත්වාගෙන යාම.
  4. පුරාවිද්‍යා ස්ථාන සඳහා අවශ්‍ය පුවරු යෙදීම සහ දෙපාර්තමේන්තු සේවකයින් සහ සංචාරකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම.
  5. දෙපාර්තමේන්තුව සතු නව ගොඩනැගිලි නඩත්තු කර පවත්වාගෙන යාම.
  6. පුද්ගලයින් සතු ආරක්ෂිත ස්මාරක සඳහා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු ඉටු කිරීම.
  7. තෝරාගත් පුරාවිද්‍යා ස්ථාන සඳහා වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම.
  8. පසුගිය නඩත්තු ක්‍රියාදාමයන් පිළිබඳ වාර්තා සම්පාදනය කිරීම.

අංශයේ මූලික ව්‍යුහය

මේ අනුව ක්‍රියාත්මක වන නඩත්තු අංශය ප්‍රාදේශීය විමධ්‍යගත කිරීම යටතේ නඩත්තු කලාප සංකල්පය ක්‍රියාත්මක වේ. එනම් පහත සිතියම්ගත පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලූ ම පුරාවිද්‍යා නඩත්තු කලාප කටයුතු ක්‍රියාත්මක කරනු ඇත. එසේ ම ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියට අනුව, එම අරමුණු ඉටු කරගැනීමේ දී උතුරු කවය හා දකුණු කවය වශයෙන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරු දෙදෙනෙක් යටතේ  නඩත්තු අංශය ක්‍රියාත්මක වෙයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව නඩත්තු කලාප වෙන් කිරීම.

උතුරු පලාත - කලාප 04
උතුරු මැද පලාත - කලාප 09
නැගෙනහිර පලාත - කලාප 06
වයඹ පලාත - කලාප 08
මධ්‍යම පලාත - කලාප 06
බස්නාහිර පලාත - කලාප 04
සබරගමු පලාත - කලාප 06
ඌව පලාත - කලාප 06
දකුණු පලාත - කලාප 06

නඩත්තු අංශයේ ක්‍රියාකාරකම්

01. දෙපාර්තමේන්තු ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම

 

  • ප්‍රධාන කාර්යාලය
  • ප්‍රාදේශීය කාර්යාල 09


අම්පාර ප්‍රාදේශීය කාර්යාලය
02.
පුරාවිද්‍යා ස්ථාන සඳහා සුඵ ආයුධ සහ උපකරණ සපයා දීම
වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන පලාත් කාර්යාලවලට බෙදා දී එමගින් වැඩබිම් සඳහා අවශ්‍ය උපකරණ සපයා ගනු ඇත.
03. පුරාවිද්‍යා සංචාරක බංගලා (ක්ෂේත්‍ර නිවාස සහ කෞතුකාගාර අලූත්වැඩියා කිරීම)
  • සංචාරක බංගලා 07
  • කෞතුකාගාර 14
  • මිහින්තලේ කෞතුකාගාරය

මිහින්තලේ කෞතුකාගාරය
04. පුරාවිද්‍යා රක්ෂිත තුළ මාවත් සහ පෙත්මං සැකසීම
  • බොරඵ යෙදු මාවත් තැනීම සහ වාර්ෂික නඩත්තුව
  • උද්‍යාන තුළ පෙත්මං තැනීම සහ ඒවා නඩත්තු කිරීම
  • පියගැටපේළි සහ ඇතුරුම් තහවුරු කිරීම
හත්ථීකුච්චිය පෙත්මං රිටිගල ගල් ඇතුරුම
05. සංරක්ෂිත ස්මාරකවල වහල නඩත්තු කිරීම
වාස්තු විද්‍යා සංරක්ෂණයට භාජනය වූ ස්මාරක වහලවල් වසර 10 කට ආසන්න කාලයක දී නැවත නඩත්තු කළ යුතුව ඇත. (ඉලක්කය වසරකට ස්ථාන 20 කි)

කටුපොත ගලහේන විහාරය
06. ආධාරක බැමි ඉදිකිරීම හා ස්මාරක බැමි තහවුරු කිරීම.
වාස්තු විද්‍යා සංරක්ෂණය මගින් තහවුරු කරන ලද බැමි කොටස් ස්වාභාවික හා මානව ක‍්‍රියාකාරකම් මගින් විනාශයට පත්වනු ඇත. එවැනි බැමි දෙවන වර තහවුරු කිරීම සහ කුස්තුර සවිගැන්වීම.
පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ තහවුරු කරන ලද බැම්ම කුඵමීමාකඩ පුරාවිද්‍යා ස්ථානය
07. පුරාවිද්‍යා ස්ථාන උද්‍යාන අලංකරණය සහ දෙපාර්තමේන්තු සේවකයින් සහ සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම.
  • පුරාවිද්‍යා ස්ථානය සඳහා නියමු සැලැස්මක් සකස් කිරීම.
  • එයට අනුව පෙත්මං, වැසිකිළි පහසුකම්, රථගාල්, විදුලිය, ජලය, සැපයෙන ස්ථාන සැළසුම් කිරීම සහ ඉදිකිරීම.
  • වැඩබිම් කාර්යාල සේවක නිවාස අලූත්වැඩියා කිරීම.
  • රුක් රෝපණය කිරීම සහ ස්වාභාවික වෘක්ෂලතා ආරක්ෂා කිරීම.
මිහින්තලේ කඵදිය පොකුණ කොක්ඇඹේ ආසනඝරය
08. පූවරු සැකසීම
සංචාරක ස්ථාන පෙන්නුම් කිරීම සහ දැනුවත් කිරීම් සඳහා අවශ්‍ය පහත සඳහන් පූවරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබිම් සඳහා යොදනු ඇත.
  • මාර්ග සංඥා පූවරු
  • ස්ථානීය හැඳින්වීමේ පූවරුව
  • ස්මාරක හඳුන්වාදීමේ පූවරු
  • අවවාද, අණපණත් සහ නීතිය සම්බන්ධ පූවරු
  • අභිලේඛන පරිවර්තන පූවරු
මාර්ග සංඥා පූවරුව අවවාදාත්මක පූවරුව
ස්මාරක හැඳින්වීමේ පූවරුව 
අභිලේඛන පරිවර්තන පූවරු
09. මායිම් කණු යෙදීම සහ වැටවල් සැකසීම.
  • රක්ෂිත මැන වෙන් කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා රක්ෂිත මායිම ලකුණු කිරීම
  • කුඩා පුරාවිද්‍යාත්මක ස්ථාන, කැණීම් බිම් වැනි විශේෂ ස්ථාන සඳහා ගේට්ටු සහ වැටවල් යොදා භූමිය ආරක්ෂා කිරීම.
10. පුරාවිද්‍යා ස්ථාන සඳහා අලූතින් යටිතල පහසුකම් ලබාදීම.
  • වැඩබිම් කාර්යාල, ගබඩා හා නේවාසිකාගාර අලූතින් ඉදිකිරීම.
  • ජලය, විදුලිය, දුරකථන සහ වැසිකිළි පහසුකම් අලූතින් ලබා දීම.
  • පවරා ගන්නා ඉඩම් වෙනුවෙන් පදිංචිකරුවන් ඉවත් කිරීමේ දී ඔවුන්ට යටිතල පහසුකම් සූදානම් කිරීම.
නඩත්තු අංශය යටතේ දැනට පවත්වාගෙන යන ස්ථාන සහ ස්මාරක පහත පරිදි වේ.
කෞතුකාගාර   
14
ක්ෂේත්‍ර නිවාස 08
සංචාරක බංගලා 07
පොත් අලෙවිසැල් 15
පළාත් රසායනාගාර 03
වැඩබිම් 2488
ස්මාරක 7056
අවසන් යාවත්කාලීන කිරීම 2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 08:21