Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව අප ගැන දැක්ම සහ මෙහෙවර

දැක්ම සහ මෙහෙවර

දැක්ම

මිනිසාගේ තිරසාර පැවැත්ම තහවුරු කරනු පිණිස බීමට සුදුසු ජලය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් වැනි මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ වු තිරසාර නාගරික පරිසරයක් ඇති කිරීම සහ පුජනීය ස්ථාන දියුණු කිරීම.

මෙහෙවර

භෞතික සැලසුම් සහ මනාව සැලසුම් කරන ලද නාගරික සංවර්ධනය තුලින් පුරවර සහ නගර සංවර්ධනය, පැල්පත් අවම කිරීම, නාගරික හා ග්‍රාමිය සම්බන්ධතාවය වර්ධනය කිරීම, බීමට සුදුසු ජලය සැපයීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම මත ජනතා‍වගේ ජීවන තත්වය හා ජීවත් වන පරිසරය වැඩි දියුණු කිරිමේ අවස්ථාවන් බිහි කරමින් තිරසාර මානව ජනාවස බිහි කිරීම.

අමාත්‍යාංශය

නව සහස්‍රයේ අභියෝග ජයගත හැකි ජනතාවක් බිහි කිරීමේහි ජාතික කර්තව්‍යය ඉටු කිරීමෙහිලා නාගරික සංවර්ධන හා පුජා භූමි සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන කෙරෙහි මහත් වගකීමක් ඇත. ජනගහනය සීඝ්‍ර නාගරිකරණයකට ලක් වෙමින් පවතින අතර, 2015 වන විට මුලු ජනගහනයෙන් 50% නාගරික ප්‍ර දේශ වල ජිවත් වනු ඇත.එම නිසා තිරසාර නාගරික සංවර්ධනය සඳහා වන සැලසුම් ගත ප්‍රවේශයක අවශ්‍යතාව ජාතික ප්‍රමුඛතාවයක්ව පවතී. මෙවැනි වාතාවරණයක් තුළ අමාත්‍යාංශයේ ප්‍රවේශය වනුයේ නාගරික ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් ලබාදිය හැකි නාගරික ජනාවාස සංවර්ධන රාමුවක් ඔස්සේ නාගරික ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.

ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග

නාගරික සංවර්ධනය, භෞතික සැලසුම් හා ජල සම්පාදන සේවාවන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම

ජාතික හා කළාපීය භෞතික සැලසුම් පදනම් කරගනිමින්, නවීන සන්නිවේදන හා ප්‍රවාහන ජාලයක් ඔස්සේ එකිනෙකා හා සම්බන්ධ කළ හැකි නාගරික මධ්‍යස්ථාන සුදුසු ස්ථානයන්හි ස්ථාපනය කිරීමට කටයුතු කිරීම.

ජාතික මට්ටමේ වර්ධන මධ්‍යස්ථාන, කුඩා නගර, සංස්කෘතික මධ්‍යස්ථාන සහ හරිත පරිසරයක් බිහිකිරීම තුළින් නාගරික ජනතාවගේ ජිවන තත්වය වැඩි දියුණු කිරීම.

ස්වභාවික පරිසරය නිසි පරිදි පවත්වා ගනිමින් ඒකාබද්ධ සැලසුම්කරණ / නාගරික මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා පහසුකම් සලසන අතර ගැලපෙන කසල කලමනාකරණ පද්ධතියන්ගෙන් යුත් නිර්මිත පරිසරයක් ගොඩනැගිමට උචිත සැලසුම් සකස් කිරීම.

පුජා භූමි සංවර්ධනය සඳහා සැලසුම් පිළියෙල කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

ප්‍රජා මුල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යපෘති සැලසුම්කරණය, ඉදිකිරීම, නඩත්තුව සහ පවත්වාගෙන යාම සඳහා ග්‍රාමිය ප්‍රජාවන් යොමු කිරීම සහ සවිබල ගැන්වීම.

පවත්නා නිතී පද්ධතිය අනුසාරයෙන් හා අවශ්‍ය වූ විටෙක නව නීතී හ‍‍දුන්වා දෙමින් පාරිසරික වටිනාකමින් යුත් සහ පාරිසරික සංවේදීභාවයකින් යුත් නාගරික ස්වභාවික සම්පත් ධරණිය/තිරසාර ලෙස කලමනාකරණය කිරීම.

ස්වභාවික සම්පත් මුලාශ්‍ර, ප්‍රදේශිය සම්ප්‍රධායන් සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම තුළින් ප්‍රසන්න නාගරික පරිසරයක් බිහි කිරීම.

නාගරික සංවර්ධන සැලසුම් සහ වැඩසටහන් හරහා නව රුකියා සහ ආර්ථිකමය අවස්ථාවන් උත්පාදනය කිරීම.

ජල සම්පාදන සේවා, සනීපාරක්ෂක පහසුකම් සහ කසල කලමනාකරණ පද්ධතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පලාත් පාලන ආයතන සහ ප්‍රජා මුල සංවිධාන උනන්දු කරවීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම.

ජල පෝෂක ප්‍රදේශ, පහත් ගංගා ද්‍රෝණි පදනම් කරගත් මතුපිට ජල වහන හා පිටාර ජල කලමනාකරණ සැලසුම් සකස් කිරීම සහ ඒවා භාවිතය ප්‍රවර්ධනය කිරීම.

නාගරික සංවර්ධන පහසු කරවන ආකාරයේ මතුපිට ජල වහන සහ පිටාර ජල කලමනාකරණ පද්ධති පහත් බිම් ප්‍රදේශවල ස්ථාපනය කිරීම තුළින් ගංවතුර පාලනය කිරීම සහ පාරිසරික තත්වයන් ආරක්ෂා කිරීම.

නාගරික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම, අඩු ආදයම් ජනාවාස සංවර්ධනය සහ ජල සම්පාදන සේව‍ා සපයන හැකි සෑම අවස්ථාවකම ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම සඳහා උනන්දු කරවීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම.

සිය පාලන ප්‍රදේශ තුල පාරිසරික සැලසුම්කරණය සහ කලමනාකරණ සඳහා පලාත් පාලන ආයතන සවිබල ගැන්වීම.