මුල් පිටුව

ඇම්බැක්ක දේවාලය

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පිහිටා ඇත. ශ්‍රී ලංකික ගෘහ නිර්මාණ ශිල්පයේ අති විශිෂ්ට නිර්මාණයක් වන මෙම ඇම්බැක්කේ දේවාලය ගම්පොල යුගයේ ඉදි කර ඇතැයි සඳහන් වේ. මේ බව “ඇම්බැක්ක වර්ණනාව” නැමැති ග්‍රන්ථයේ සඳහන් වේ. III වික්‍රමබාහු රජුගේ බිසව වන හෙණකඳ බිසෝ බණ්ඩාර හා රංවල නැමැති ගමේ බෙරවාදකයකු විසින් මෙම ස්ථානයේ තෙමහල් දේවස්ථානයක් සෑදූ බව සඳහන් වේ. එහෙත් එහි කිසිදු කොටසක් අද මෙහි දක්නට නොමැති නමුත් ඉතා විශිෂ්ට ලෙස කැටයම් කරන ලද දැව කණුමත පේකඩ හා හරස් බාල්ක යොදා රාජාධි රාජසිංහ රජුගේ කාලයේ ඉදි කරන ලද දැව කැටයම් සහිත දිග් ගෙය හා දේවාලය අද දක්නට ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:10