මුල් පිටුව

ගඩලාදෙණිය විහාරය

කොළඹ නුවර මාර්ගයේ පිළිමතලාව නගරයෙන් හැරී දවුලගල මාර්ගයේ කි.මී. 1ක් පමණ ගිය විට විහාරයට ළඟා විය හැක. ගම්පල රජ කළ IV වන බුවනෙකබාහු රජු‍ගේ අනුග්‍රහයෙන් මෙම විහාරය දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පී ගනේෂ්වරාචාරී විසින් ඉදිකරන ලදී. මෙම විහාරය මුලදී ධර්මකීර්ති විහාරය ලෙස හඳුන්වන ලදී. දකුණු ඉන්දිය විජයනගර් සම්ප්‍රදායෙන් ඉදිකර ඇති මෙම විහාරය පිළිමගෙය, චෙතිය හා බෝධිය ද දේවාල දෙක හා සංඝාවාසය යන කොටස් වලින් ද යුක්ත වේ. පැරණි ශිලා ලිපි කිහිපයක් දක්නට ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:10