මුල් පිටුව

මහනුවර ශ්‍රී දළදා මාලිගාව

මහනුවර දළදා මාලිගාව ප්‍රධාන ගොඩනැගිලි 3කින් සමන්විත වේ. වැඩහිටි මාලිගය, පත්තිරිප්පුව හා අළුත් මාළිගාවයි. පළමු වන විමලධර්මසූරිය රජු විසින් ක්‍රි.ව. 1593 - 1603 අතර කාලයේ දී මහනුවර දළදා මාළිගාව ඉදි කරන ලද අතර එහි කොටස් අද වන විට දක්නට නොමැත. ක්‍රි.ව. 1687- 1707 අතර කාලයේ දී දෙවන විමලධර්මසූරිය රජු විසින් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා ඉදිකරන ලදී. වර්තමානයේ දක්නට ලැබෙන පත්තිරිප්පුව සහිත ඉදිරි කොටස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයේ 1798 - 1815 දේවේන්ද්‍ර මූලාචාර්ය නම් ශිල්පියා විසින් ඉදිකරන ලදී. මෙම ගොඩනැගිල්ල ‍විශේෂිත අවස්ථාවල රජු මහජනතාව ඇමතීම සඳහා භාවිත කරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:56