Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව පුවත් සහ සිදුවීම් ඉන්දියාවේ - බෝපාල් හි සාංචි පුදබිමේ ස්ථාපිත කළ සාංචි වන්දනා නිකේතනය (තෙමහල් විශ්‍රාම ශාලා පරිශ්‍රය) විවෘත කෙරේ.

ඉන්දියාවේ - බෝපාල් හි සාංචි පුදබිමේ ස්ථාපිත කළ සාංචි වන්දනා නිකේතනය (තෙමහල් විශ්‍රාම ශාලා පරිශ්‍රය) විවෘත කෙරේ.

රුපියල් ලක්ෂ 840 වියදමින් නාගරික සංවර්ධන හා පුජාභුමි සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව මගින් ඉන්දියාවේ - බෝපාල් හි සාංචි පුදබිමේ ස්ථාපිත කළ සාංචි වන්දනා නිකේතනය (තෙමහල් විශ්‍රාම ශාලා පරිශ්‍රය) නාගරික සංවර්ධන හා පුජාභුමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අතින් 2009 ඔක්තෝබර් 31 දින විවෘත විය.

බුදුදහම ලක්වැසියා වෙත තිළිණ කළ භාරතයේ රජකළ අශෝක අධිරාජ්‍යයා ඒ සඳහා වු පදනම දැමුවේ භාරතයේ සොළොස් මහා ජනපදයන්ට අයත් වු "අවන්ති ජනපදයේ" වු (සාංචි) චේතියගිරි පුදබිමෙනි. එහි වැඩ විසු, සිය පුත් මිහිඳු හිමියන් නිර්මල බුදු දහම සමග සාංචියේ සිට ලක්දිවට වැඩමකරවීම එහි ප්‍රතිඵලයයි.

වත්මන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ආසන්තයේ, බෝපාල් දුෂ්කර පෙදෙසක පිහිටි සාංචි පුදබිම වන්දනා මාන කිරිමේදී වන්දනාකරුවන් විවිධ අපහසුතාවන්ට පත්වේ. සාම්ප්‍රදායික දඹදිව වන්දනා මගෙහි ඈත්ව පිහිටීම නිසා මෙහි එන බැතිමතුන්ට විශ්‍රාම ශාලාවක් හෝ සහන නවාතැන් පහසුකම් නොමැතිවීම ප්‍රධානතම ගැටලුවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්විමෙන්, නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යාංශය මගින් විවේකී වන්දනා නිකේතනයක් සාංචියේ ස්ථාපිත වන්නට තෙවසරකට පෙර පිඹුරුපත් සැකසිණ.

නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව විසින් අලංකාර ලෙස නිමකොට අද‍ තෙමහල් ප්‍රසාදයක්ව සාංචියේ මෙම වන්දනා නිකේතනය බුද්ධ මන්දිරය, ධර්ම ශාලා, වන්දනා කරුවන් සදහා වන කාමර, විවෘත ආලින්දය, නාන කාමර, මුලුතැන්ගෙය, විවෘත ශාලා පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් වලින් සමන්විතය.

ඉන්දියානු රජය සහ ඉන්දීය මධ්‍යම ප්‍රදේශ රජයේ පොදුවැඩ දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් සඳහා භූමිය පරිත්‍යාග කළ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය, සාංචි විහාරාධිපති පුජ්‍ය බානගල උපතිස්ස හිමියන් මේ සඳහා සහයෝගය දැක්වීය.

සාංචි විහාරාධිපති පුජ්‍ය බානගල උපතිස්ස හිමි, ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ අමාත්‍ය ශිව්රාජ් සිංග් චව්හාන් මහතා ඇතුලු ඉන්දීය මහජන නියෝජිතයින්ද, කාන්තා හා ලමාභිවෘද්ධි අමාත්‍ය සුමේධා ජයසේන මහත්මිය, නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රතාප් රාමානුජම් මහතා හා දෙස්විදෙස් ගිහි පැවදි සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.