මුල් පිටුව ව්‍යාපෘති මෙහෙයුම් හා ඇගයුම්

බුද්ධංගල

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර ගමේ පිහිටා තිබේ. ගල්තලාවක් මත මෙය ගොඩනගන ලද්දකි. මෙම ගල්තලාවේ එක් ගල් පරයක් මත දාගැබක අවශේෂ ග‍ඩොල් කැබැලි සහිත ගොඩනැගිල්ලක් පවතී. මෙම ගල්තලාව ‍මත ගොඩනැගිලි තුනක අවශේෂයන් ද දැකිය හැකි ය. නැගෙ‍නහිර බෑවුමේ සක්කා ගල් වලින් කරන ලද ආධාරක බැම්මක සාධක ද චාම් මුරගල් දෙකක් හා කොරවක් ගලක් ද බටහිර පැත්තෙන් කටාරම් කෙටූ ගල් ලෙන් කිහිපයක් ද දක්නට ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:50