මුල් පිටුව

ගොනාගොල්ල

අම්පාර දිස්ත්‍රික්කයේ වැවගම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොත්මලේ ඔය ජනපදයේ පිහිටා තිබේ. අම්පාර ගොනාගොල්ල පාරේ කොහොඹාන හංදියෙන් නැගෙනහිරට හැරී සැතපුම් තුනක් පමණ ගිය විට කොත්මලේ ජනපදය හමුවේ. මෙහි ගල් පර අතර කුඩා ගල් ලෙන් දෙකක් පවතී. එක් ගල් ලෙනක පැරණි චිත්‍ර ඇද ඇත. එම චිත්‍ර අතර නළඟනකගේ හා පුරුෂයෙකුගේ චිත්‍ර ඇඳ ඇත්තේ රතු, කහ, කොළ, සුදු වර්ණයන් උපයෝගී කරගෙනය. මෙම ලෙනට ආසන්නව පොකුණු දෙකක් හා දාගැබක අවශේෂ පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:48