මුල් පිටුව පුරාවිද්‍යාත්මක ස්ථාන

කුඩුම්බිගල

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගමේ පිහිටා තිබේ. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ මෙම ස්ථානය පිහිටා තිබේ. විශාල ගල්පර හා ගල්තලා වලින් නිර්මිත මෙම ප්‍රදේශය ඝන කැලෑවක් මැද පිහිටා තිබේ. විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර සමහරෙක ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැකි ය. සමහර ගල්තලා මත ගොඩනැගිලිවල අවශේෂයන් ද මෙහි පවතින විශාල ගල් පර්වතය වන කුඩුම්බිගල මත ශේෂ වූ දාගැබ් දෙකක අවශේෂයන් ද පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:44