මුල් පිටුව අභිලේඛන හා නාණක විද්‍යා

සමන්ගල

අම්පාර දිස්ත්‍රික්කයේ වැව්ගම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 28 ජනපදයේ කොහොඹාන ගමේ පිහිටා තිබේ. අම්පාර ගොනාගොල්ල පාරේ ගමන් කර කොහොඹාන හංදියෙන් බටහිරට හැරී සැතපුම් පහක් පමණ ගිය විට සමන්ගල කන්ද හමුවේ. මෙහි නැගෙනහිර බෑවුමේ ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂරවලින් කරන ලද ලිපි සහිත ලෙන් විශාල සංඛ්‍යාවක් පවතී. මේ එක් ලෙනක් අසල ඇති උස් ගල් පරයක බෑවුමේ සාංචි ස්තූපයේ හැඩය දැක්වෙන සටහනක් නිර්මාණය කර තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:36