මුල් පිටුව

ඕලන්ද කොටුව - මඩකලපුව

මඩකලපුව දිස්ත්‍රික්කයේ උතුරු මුන්මුනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේමඩකලපුව නග‍රයේ පිහිටා තිබේ. ලන්දේසි පාලන යුගයේ දී ඉදිකරන ලද මෙම බල‍කොටුව ඉංග්‍රීසීන් විසින් ද පුළුල් කොට පවත්වා ගෙන ගොස් ඇත. මඩකලපුව න‍ගරයේ කලපුව ආශ්‍රයේ ඉදිකරන ලද මෙම කොටුව තුළ ක්‍රි.ව. මුල් සියවස් වලට අයත් දාගැබ් ජත්‍ර ගලක් ද, ‍ආසන ගලක් ද, පැවතීම නිසා මෙම කොටුව ඉදිකිරීමට පෙර මෙහි බෞද්ධ විහාර ස්ථානයක් පිහිටා ඇති බවට එකී සාධක සාක්ෂි දරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:29