මුල් පිටුව

රිදී කන්ද

ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ පන්කුලම් හන්දියෙන් හැරී තිරියාය දෙසට ගමන් කරන විට ගෝමරන්කඩවල නගරය හමු‍ වේ. ගෝමරන් කඩවල සිට වම් පසට කි.මී. 8ක් ගමන් කළ විට රිදී කන්ද හමුවේ.

පංචාවාස ගොඩනැගිලි ක්‍රමයට ගොඩ නගන ලද ආරාම සංකීර්ණයක් මෙහි පැවති බවට පවතින අවශේෂ සාක්ෂි දරයි. ස්තූපය, ප්‍රතිමාඝරය, උපෝසථාගාරය, බෝධිඝරය වැනි ගොඩනැගිලිවල අවශේෂ පවතී. මෙහි වාසය කළ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා සඳහා ඉදිකරන ලද පොකුණ දෙකක් ද පවතී. විවිධ ප්‍රමාණයේ ගල් කුළු රැසක් පිහිටා ඇති මෙහි ගුහා පහළොවකට වැඩි ප්‍රමාණයක් කටාරම් කොටා සකස් කොට ඇත. ගලින් නිම කරන ලද බුද්ධ ප්‍රතිමාවක කොටසක් ද හිස හා අත් පා නොමැති ප්‍රතිමාවක් ද පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:18