ආර්යගම වෙහෙර කැලේ

හලාවත මුගුණුවටවන දැදුරුඔය අසබඩ පිහිටා ඇති ආර්යගම පුද බිම නාරියාගම වෙහෙර කැලේ වශයෙන්ද හැදින්වේ. අනුරාධුපර යුගයට අයත් ආරාම සංස්කරණයක් ලෙස හඳුනාගෙන ඇති පුද බිමෙහි වු නටබුන් රාශියක් දැදුරුඔයෙහි ගමන් මාර්ගයෙහි වෙනස් වීම් නිසා විනාශයට ලක්ව තිබේ. දැනට ඔය ඉවුර අයිනේ ඇති පැරණි දාගෑබෙහි අඩක් පමණ ජලයට ගැලවී ගොස් තිබේ. මෙම ස්ථානයේ මැටි බදුන් කැබලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉන් බොහොමයක් විශාල බරණි කොටස්ය. ඇතැම්විට දැදුරු ඔය මෝය හා සබැදි ඉපැරණි සාලතිත්ථ වරායට අයත් වු ගබඩා සංකීර්ණයක් මෙහි තිබෙන්නට ඇතැයි අනුමාන කල හැකි අතර, මෙහි වු සංඝාරාමය ඒ හා සබැදි පුද බිමක් විය හැකිය. මෙහි කරන ලද කැණීම් තුලින් රෝම කාසි හමු වීම තුලින් වෙළඳ සබඳතා පැවති ස්ථානයක් ලෙස උපකල්පනය කල හැකි බැවින් පැරණි වෙළඳ නගරයක් හා සම්බන්ධ පුද බිමක් ලෙස අනුමාන කල හැකිය.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 21 වෙනි බ්‍රහස්පතින්දා, 07:35