මල්විල පුරාවිද්‍යා රක්ෂිතය

වනාත විල්ලුව ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ කරදිපුව ග්‍රාම නිලධාරි වසමේ සාලිය පුර ග්‍රාමයේ මල්විල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත. පුත්තලම සිට මන්නාරම් මාර්ගයේ සැතපුම් නමයක් පමණ දුරින් වු කරදිපුව ග්‍රාමයෙන් හැරී සැතපුම් දෙකක් පමණ නැගෙනහිර දෙසට ගමන් කිරීමෙන් විහාර භූමියට ලගා විය හැකිය. මෙම විහාරය සාලිය කුමරුන් විසින් කරවන ලදැයි ජනප්‍රවාදගත තොරතුරු ලැබේ. පුදබිමෙහි පැරණි නටඹුන් ලෙස හදුනාගත හැකි දාගැබත්, ගල් කුළුණු, ‍සහන ගොඩනැගිලි තුනක්, බෝධිඝරය ලෙස හදුන්වන ගොඩනැගිල්ලක්, ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් සහ ගොඩනැගිලි ප්‍රවිශ්ඨයක් සේ සැලකිය හැකි සදකඩ පහන්, කොරවක් ගල් සහිත පිය ගැට  සංකීර්ණයද දක්නට ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 21 වෙනි බ්‍රහස්පතින්දා, 05:42