කරඹගල ආරණ්‍ය සේනාසනය

අම්බලන්තොට - රිදියගම මාර්ගයේ සැතපුම් 16ක් පමණ ගමන් කිරී‍මෙන් කරඬගල ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශ විය හැකි ය. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.

සිරි මේඝවණ්න රජු සමයට (ක්‍රි.ව. 303 – 331) අයත් ශිලා ලේඛනයක බිලිව (න) විහාරය ලෙසින් හඳුන්වා ඇත්තේ මෙකී කරඹගල විහාරය ම බව පිළිගැනේ. කරඬුවක් ලෙස ඈතට මෙම භූමිය දර්ශනයවීම හේතුවෙන් කරඬුලෙන ලෙසින් ද ව්‍යවහාර වන බවට ප්‍රවාදයක් පවතී.

පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ලෙන් විශාල ප්‍රමාණයක් මෙම භූමියේ හඳුනාගත හැකි අතර වර්තමාන මානව මැදිහත්වීම් හේතුවෙන් බොහොමයක් ලෙන්වලට නව අංග එක් කර ඇත. විසුද්ධි මාර්ගයේ සඳහන් චිත්තගුප්ත තෙරුන් සැට අවුරුද්දක් වාසය කළ ද එහි වූ සිතුවම් නොදුටු කුරුන්දක ලෙන මෙම භූමියේ පිහිටා ඇති බව පිළිගැනේ. මෙම ලෙන බවට විශ්වාස කෙරෙන ලෙ‍නේහි බදාම ස්ථරයක් වත රක්ත වර්ණයෙන් ඇති සිතුවම් දැනට ද ශේෂව පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:41