හැබැස්ස

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයේ හැබැස්ස ග්‍රාම‍යේ පිහිටා ඇත.

බුත්තල ‍- ‍‍මොණරාගල මාර්ග‍‍යේ කුඹුක්කන හන්දි‍‍‍‍‍යෙන් දකුණට ඇති ඔක්කම්පිටිය මාර්ග‍‍‍යේ සැතපුම් 10 ක් ගිය විට මෙම පැරණි නටබුන් සහිත ස්ථානයට යා හැකියි.

මෙම ස්ථාන‍යේ ඇති පැරණි අව‍‍ශේෂ අතර අඩි 32 ක් පමණ වූ ග‍‍ඩොලින් කළ පැරණි බුදු පිළිමය සහිත විහාර ගෘහය ප්‍රධාන ‍වේ. මහා වංශ‍‍යේ සඳහන් වන පැරණි ‘නක මහා විහාරය’ ‍මෙම ස්ථානය විය හැකි බව විශ්වාස ‍‍කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:44