ගලබැද්ද

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ ගලබැද්ද ග්‍රා‍ම‍‍යේ පිහිටා ඇත.

මොණරාගල ‍‍‍පොතුවිල් මාර්ග‍යේ 2 වෙනි සැතපුම් කණුව අසළ ‍‍‍මෙය හමු‍වේ.

පැරණි දිය අගලක් හා ප්‍රාකාරයකින් වට වූ මාළිගා ‍‍ගොඩනැගිල්ලක් ‍‍මෙහි දක්නට ලැ‍බේ. අම්පාර රජගල ප්‍රා‍‍දේශීය පාලත‍‍‍කයෙකුට අයත් අව‍‍ශේෂ මාළිගයක් විය හැකි බව විශ්වාස ‍කෙ‍රේ. කණු පාදම්ගල විශාල වශ‍‍යෙන් හමු වන අතර මෙම මාළිගා නටබුන් ‍‍‍‍‍පො‍ළොන්නරු‍‍‍වේ මාළිගය හා පඞුවස්නුවර මාළිගා‍‍‍වේ සැලසුමට සමාන නමුත් ඊට වඩා ප්‍රමාණ‍‍‍යෙන් කුඩා වුවකි. සමකාලීන ‍‍ගොඩනැගිල්ලක් විය හැකි අතර, පුරාණ‍යේ උදුන්‍‍දොර යන නාමය භාවිතා ‍‍කොට ඇත. පැරණි දාගැබක හා පිළිම ‍‍ගෙයක අව‍‍ශේෂ ‍මෙහි දක්නට ලැ‍බේ.

ගලබැද්ද ‍පොකුණ උක්ත මාළිගා ගොඩනැගිල්ලට සමීපව 28 වන සැතපුම් කණුව ආසන්න‍යේ පිහිටා ඇත. ‘‍‍‍කෙල්ලන්‍‍‍‍නේ වල’ යන නාම‍යෙන් හඳුන්වන ‍‍මෙය ශිලාමය නිර්මාණයකි. මාළිගා සංකීර්ණයට අයත් වුවා විය හැකි ය. ‍‍මෙම ‍පොකු‍‍‍‍‍‍‍ණේ සිව් දිශා‍‍‍වෙන් මකර කටවල් හතරකින් ‍‍පොකුණට ජලය ගලා විත් ඇත. කලුගල් පුවරු අතුරා ‍‍‍පොකු‍‍ණේ  පතුල සකසා ඇති අතර ජලය ඇතුලු වීමට හා පිට වීමට ශිලාමය කාණු දක්නට ලැ‍බේ. පතු‍ලේ ජලය පිටවීමට ‍‍‍‍‍‍‍දොරටුවක් ‍වේ. පොකුණට යාබදව මණ්ඩප‍යක්ද, කැසිකිළියක් ද වන අතර, ‍‍මේ සියල්ල වටා ප්‍රාකාරයක් තිබී ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:45