කටුවන ලන්දේසි කොටුව

කටුවන නගර‍යේ ප්‍රා‍දේශිය ‍ලේකම් කාර්යාලය අසල පිහිටි කටුවන ‍කොටුව ලන්‍‍දේසින්ගේ ඉදිකිරීමකි. මෙම ස්ථානය නිර්මාණයක් වුව ද පො‍‍ළොන්නරු අවධි‍යේ දී I වන විජයබාහු රජු ද ආරක්ෂිත බල ප්‍ර‍දේශයක් ‍ලෙස ‍මෙම භූමිය ‍තෝරා ‍ගෙන ඇත.

ඌරු‍බොක්ක ඔය හා රත්ම‍ලේ කන්දෙන් මනා වූ ස්වාභාවික ආරක්ෂාවක් ලද ‍මෙම භූමිය ලන්‍‍දේසීන් විසින් ද ස්වකීය බල‍‍කොටුවක් ඉදි කිරීමට ‍යෝග්‍ය භූමියක් ‍ලෙස හඳුනාගෙන ඇත. මහනුවර සිංහල රාජධානි‍යේ අගනුවර සිට මාතර දක්වා වු මාර්ගය ආරක්ෂා කර ගැනීමටත් ‍වෙ‍ළෙඳ සබඳතා ආරක්ෂා කර ගැනීමටත් ඔවුන් ‍මෙම ‍කොටුව ‍ගොඩනැගූ බව පිළිගැ‍නේ. ‍‍මෙම බල‍කොටුවේ උස අඩි 16ක් හා පළල අඩි 11 වූ බවත් බල‍කොටුව තුලින් ඉහළට නැගුනු අට්ටාල ‍දෙක වූ බවටත් සාධක වේ. ‍කොටුවට ප්‍ර‍‍වේශවීමට එක් ‍දොරටුවක් පමණක් තිබී ඇත. කටුවන ලන්‍‍දේසි ‍කොටුවට සිංහල ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ‍බ්‍රොහියර්ගේ වාර්තාවල සඳහන් වේ. 1761 ‍පෙබරවාරි 08 වනදා සිහල ‍‍සේනාව ලන්‍‍දේසි බල‍කොටුව යටත් කර ‍ගෙන ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:37