කහදාව පුරාණ විහාරය

තිස්ස - තංගල්ල පා‍රේ රැකව හන්දිය අසල කහදාව විහාරය පිහිටා ඇත. තංගල්ල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් වේ.

මුල් අනුරාධපුර අවධියට අයත් විහාරස්ථානයක් බව ‍මෙම විහාර භූමි‍යේ ඇති ශිලා ‍ලේඛනමය සාධක මගින් තහවුරු ‍වේ. භූමියට ‍මෙම නම හිමිවූ‍යේ විහාරස්ථාන‍යේ නිදන් වස්තු ආරක්ෂා කිරීමට පැමිණි කහ ආ‍‍ඳකු නිසා ‍‍බවට ජනප්‍රවාදයක් ‍වේ. ක්‍රි.ව. 2-3 සියව‍ස්වලට අයත් ලේඛන 3ක් දාගැබ පිහිටි පර්වත‍යේ ඇත. විහාර‍යේ ‍ලෙන් කිහිපයක සාධක ඇති අතර ‍මෙම ‍ලෙන් ඓතිහාසික යුගයේ භික්ෂූන්ගේ පරිහරණයට සකස් කර ඇතත් මෑතකදී පුරාවිද්‍යා ‍දෙපාර්ත‍‍මේන්තුව මගින් කරන ලද පර්යේෂණ මගින් ඊට ‍පෙර අවධියේ ‍මෙම ‍ලෙන් ආශ්‍රිතව ප්‍රාග් ‍ඓතිහාසික මානව ජනාවාස පැවති බව ද සනාථ කර ‍ගෙන ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:42