යඨාල විහාරය

හම්බන්‍‍‍‍‍තොට - තිස්ස මාර්ග‍යේ තිස්සමහාරාම ස්තූපයට සැතපුමක් පමණ ‍‍මෙපිටින් ‍දෙබරවැව යඨාල විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය. තිස්සමහාරාම ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් වේ.

ජනප්‍රවාද සාධක මත ක්‍රි.පූ. 3 වන සියව‍සේ දී, මහානාග යුව රජු රෝහණයට පළා යන අවස්ථාවේ දී රජු‍ගේ බිසව පුත් කුම‍රෙකු බිහිකළ ස්ථානය සිහිවීම සඳහා දාගැබක් කරවා අරිට්ඨ නම් ‍තෙරුන් වහන්‍සේට පූජා කළ විහාරය ‍මෙම යඨාල විහාරය ‍‍වේ. ධාතු වංශ‍යේ සඳහන් ‍තොරතුරු මත ද ‍මෙම විහාරය මහානාග රජු විසින් නිර්මාණය කරවා ඇත. යටාල ස්තූප සංරක්ෂණ කටයුතුවලදී පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ග‍ඩොල්, අඩ‍තේස්ත කණක යන අර්ධ මාණික්‍යමය ධාතු කරඬු 04ක් හමු වී ඇත. යටාල ස්තූපය අවට ඇති ශිලා ස්ථම්භ සහිත ‍ගොඩැලි හා ‍ගොඩනැගිලි බැමිවල සාධක මත ‍මෙකී විහාරය අතීත‍යේ දී විශාල ආරාමයක් ව පැවති බවට හඳුනා ගත හැකි‍‍ ය.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:24