කිරින්ද මහා විහාරය

තිස්සමහාරාම - කිරින්ද මාර්ග‍යේ සැතපුම් 07ක් පමණ ගිය විට කිරින්ද මහා විහාරයට ප්‍රවේශ විය හැකි ය. තිස්සමහාරාම ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් වේ.

කාවන්තිස්ස රජු‍ගේ බිසව වූ විහාර මහා ‍දේවිය රුහු‍ණේ ගොඩබට ස්ථානය‍ ‍ලෙස ‍මෙම භූමිය ජනප්‍රවාද‍යේ පවතින අතර එකී සිදුවීම සිහි කරනු වස් කාවන්තිස්ස රජු ක්‍රි.පූ. 2 වන සියව‍සේ දී ‍මෙම විහාරය ඉදි කළ බව පිළිගැ‍නේ. ‍මෙම භූමි‍යේ වූ ක්‍රි.ව. 1 වන සියවසට අයත් වන මහාදාඨික මහානාග රජු‍ගේ නිර්මාණයක් බව පිළිගැ‍නෙන පද්‍යමය ශිලා ලේඛන‍යේ “උපරජනක” ‍මෙම භූමි‍යේ දී මිත්‍යා දෘෂ්ඨිය අතහැර බුදු දහම වැළඳගත් බව සඳහන් ‍වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:35