කසාගල විහා‍රය

රන්න - වීරකැටිය මාර්ග‍යේ රන්න හන්දි‍යේ සිට කි.මී. 09ක් පමණ ගමන් කළ විට කසාගල විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය.

කසාගල විහාරය කාවන්තිස්ස රජුගේ නිර්මාණයක් බවට පිළිගැ‍නෙන අතර විහාර භූමියේ ඇති ක්‍රි.පූ/ක්‍රි.ව. 2 වන සියවසට අයත් ශිලා ‍ලේඛනයක “කඩගල” නමින් හඳුන්වා ඇත. ‍රෝහණ‍යේ රාජ්‍ය විචාල I වන දප්පුල රජු ක්‍රි.ව. 659 දී පමණ ‍මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති අතර I වන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 – 1110) රජකම් කළ බවට වංශ කථා‍වේ සාධක ‍වේ. මහනුවර රාජ්‍ය සම‍යේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 – 1780) කසාගල විහාරයට නින්දගම් පූජා කිරීමක් හා රන් මුවා පිළිමයක් පූජා කළ බව ද වාර්ෂික දළදා ‍පෙරහැරක් පැවැත් වූ බව ද පිළිගැ‍නේ. කසාගල පැරණි විහාර ගෘහය මහනුවර සම්ප්‍රදායේ පහතරට ‍‍‍‍‍ශෛලියේ සිතුවමින් යුක්ත ‍වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:37