‍ගොඩවාය ‍ගෝඨපබ්බත විහාරය

මාතර - තිස්සමහාරාම මාර්ග‍යේ 142 සැතපුම් කණුව පසු කර මඳ දුරක් ගිය විට හමුවන ‍‍දෙහිගහලන්ද මහා විද්‍යාලය අසල මාර්ග‍යේ කි.මී. 01ක් පමණ ගිය විට ‍ගොඩවාය ‍ගෝඨපබ්බත විහාරයට පැමිණිය හැකි ය.

ව‍‍ල‍වේ ගංගා ‍මෝය සමීප‍යේ පිහිටි ගොඩවාය විහාරය ක්‍රි.පූ. 2 වන සියව‍සේ දී ‍රෝහණ‍යේ රාජ්‍යය විචාල ‍ගෝඨාභය රජු විසින් ඉදි කරවූ බව පිළිගැ‍නේ. ‍මෙම භූමි‍යේ ඇති ක්‍රි.ව. 2 වන ශත වර්ෂයට අයත් Iවන ගජබා රජු‍ගේ (ක්‍රි.ව. 112 – 134) ‍ගොඩවාය ශිලා ‍ලේඛනය අනුව අසල වූ ගොඩපවත වරා‍යේ තීරු බදු විහාරයට පූජා කර ඇත. ‍මෙම ප්‍ර‍දේශ‍යේ පැරණි වරායක් තිබූ බවට ‍මෙ‍තෙක් ‍සොයා‍ගෙන ඇති එකම ලිඛිත සාධකය ‍මෙය වේ. ‍මෙම භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණිම් මගින් ලැබී ඇති රෝම කාසි හා අනෙකුත් වි‍දේශීය කාසි මගින් සනාථ වන්‍‍නේ ‍මෙකී ස්ථානය වැදගත් ‍වෙ‍ළෙඳ මධ්‍යස්ථානයක් වූ බව ය. ‍ගෝඨපබ්බත විහාර‍යේ ‍ශේවිත සාධක ලෙස ශිලා ස්ථම්භ, කණු පාදම්, ග‍ඩොළු ස්මාරක ආදිය හඳුනාගත හැකි ය. ‍මෙකී ශිලා ‍ලේඛන හා වාස්තු විද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වන්නේ එකල ‍නොමඳ රාජ්‍ය අනුග්‍රහය ලද විහාරස්ථානයක් බව ය.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:12