වැලිගම අග්‍ර‍බෝධි රජමහා විහාරය

වැලිගම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් වන අතර වැලිගම නගර සීමා‍වේ පිහිටා ඇත.

බෝධිවංසයේ සඳහන් ‍තොරතුරු අනුව ‍දෙතිස්ඵල බෝධීන්‍‍ගෙන් එක් ශාඛාවක් ‍මෙම ස්ථාන‍යේ පිහිටුවා ඇත. එමෙන් ම රුහු‍ණේ රාජ්‍යය විචාල IV වන අග්ග‍බෝධි රජු  (ක්‍රි.ව. 667 – 683)‍ගේ අනුග්‍රහ‍යෙන් විහාරය ඉදිකළ නිසා‍වෙන් ‍මෙම නාමය ලැබුණු බවට ද ජනප්‍රවාදයක් පවතී. ‍පො‍ළොන්නරු අවධි‍යේ කළ්‍යාණවතී රැජිනගේ ‍‍සෙන්පති පටරාජ කුලවර්ධන ‍දේවාධිකාරී විසින් අග්‍රබෝධි විහාරය සඳහා පිරි‍‍වෙණක් කරවූ බව වංශකථා‍වේ සඳහන් ‍වේ. IV වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302 – 1326)‍ විසින් ‍මෙකී විහාරයට පිළිම ‍ගෙයක් කරවූ බවත් IV වන බුව‍නෙකබාහු රජු (ක්‍රි.ව. 1341 – 1351)‍ හා ‍සේනාධිලංකාර සෙ‍නෙවියන් ද විහාරයට පූජා කටයුතු කර ඇති බවට සාධක ‍වේ. තිසර, ප‍රෙවි, කොවුල් සන්‍‍දේශයන්හි පැරණි අග්‍ර‍බෝධි විහාරය පිළිබඳව සඳහන් ‍වේ. 12 වන සියව‍සේදී ඇල්ගිරි නම් ගම ‍මෙම විහාරයට පූජා කළ බවට සාධක වේ. පෘතුගීසි ආක්‍රමණ ‍‍හේතු‍වෙන් ප්‍ර‍දේශ‍යේ ‍සෙසු  විහාරයන් ‍ගොදුරු වූ ඉරණමට ම ‍මෙම විහාරය ද ලක්වී ඇත.නැවත මහනුවර කීර්ති  ශ්‍රී රාජසිංහ රජ්‍යය සම‍යේදී ප්‍රතිසංස්කරණ කටයුතු ‍කර ඇති ‍මෙම විහාරයට රජු විසින් කරන ලද ප්‍රදානයන් පිළිබඳව සඳහන් ශිලා ලිපියක් විහාර භූමි‍යේ ඇත.

මහනුවර සම්ප්‍රදා‍යේ සිතුවම් සහිත පිළිම‍ගෙය තුළ ඇති ප්‍රතිමා ද මහනුවර ‍ශෛලියට අයත් ‍වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:26