‍දෙවුන්දර විෂ්ණු ‍දේවාලය

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා මාතර සිට කි.මී. 06ක් පමණ දුරින් පිහිටි ‍දෙවිනුවර රජමහා විහාර භූමි‍යේ ම ‍මෙම උපුල්වන් ‍දේවාලය පිහිටා ඇති අතර උපුල්වන් ‍‍දෙවියන්ට කැප වූ ‍දෙවොලක් ‍සේ පිළිගැ‍නේ.

දප්පුල රජතුමා (ක්‍රි.ව. 660 – 644) ‍උපුල්වන් ‍දෙවියන්ට කැප කර කරවූ ‍දෙ‍වොල ‍මෙය බවට විශ්වාසයක් පවතී. ‍කෝ‍ට්ටේ අවධි‍යේ රචිත සන්‍‍දෙ‍‍්ශ කාව්‍යයන්හි ‍බෙ‍හෙවින් ‍මෙකී ‍දෙවිනුවර උපුල්වන් ‍දෙ‍වොල පිළිබඳව සඳහන් ‍වේ. උපුල්වන් දේවාලයේ ඇති දේව ප්‍රතිමා ‍මෙන් ම සිතුවම් සුවි‍ශේෂී ‍වේ. අලුත්නුවර ‍දෙවියන්, සමන් දෙවියන්, පත්තිනි ‍දේවිය, වල්ලි අම්මා හා ‍දෙවොල් ‍දෙවියන්‍‍ගේ ප්‍රතිමා ‍‍මේ තුළ දක්නට ලැ‍බෙයි. ‍දෙ‍වො‍ලේ අන්තරාල‍යේ හා පුදක්ෂිණා  දශ අවතාර, ශිව, ග‍‍නේෂ, පත්තිනි, ශිව වටුක, ශිව තාණ්ඩව,  රාශි ‍දොළහ, නවග්‍රහ මණ්ඩලය ආදී සිතුවම් ‍වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:07