‍දෙවිනුවර රජමහා විහාරය

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා මාතර සිට කි.මී. 06ක් දුරින් ‍දෙවිනුවර රජමහා විහාරය පිහිටා ඇත.

පැරණි රෝහණයේ රාජ්‍ය විචාල I වන දප්පුල රජතුමා විසින් කර වූ බවට ද 8 වන සියව‍‍සේ දී කරවූ බවට ද සාධක ඇති කිහරැලි පිරි‍වෙණ ‍මෙම විහාරය බව පිළිගැ‍නේ. ‍දෙවිනුවරින් හමු වූ ශිලා ‍‍ලේඛනයකට අනුව, I වන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 – 1110) ‍‍මෙම ස්ථාන‍‍‍යේ වූ පැරණි විහාරයක් සංරක්ෂණය කළ බවට සාධක ඇති අතර එය ‍මෙකී විහාරය විය යුතු ය. නිශ්ශංක මල්ල රජු (ක්‍රි.ව. 1187 – 1196) ඔහුගේ  ශිලා ‍ලේඛනයක සඳහන් කර ඇත්තේ ‍දෙවිනුවර විහාරයට ගොස් පුද පූජා කළ බවයි. වංශකථාගත සාධක මත දඹ‍දෙණියේ රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් වූ වීරබාහු විසින් ‍මෙම ස්ථාන‍යේ නන්දන පිරි‍‍වෙණ පිහිටුවා ඇත. 13 -14 සියවස්වලදී වරින්වර ප්‍රතිසංස්කරණයන්ට ලක් වූ විහාරය පසුව පෘතුගීසි ආක්‍රමණ හමු‍වේ විනාශයට පත් වී ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:05