වැලිගම කුෂ්ඨ රාජගල

මාතර - ‍කොළඹ මාර්ග‍යේ සැතපුම් 12ක් පමණ ‍කොළඹ ‍දෙසට යන විට වැලිගම නගර සීමා‍වේ අග්‍රබෝධි විහාරයට සමීපව පිහිටා ඇත. වැලිගම ප්‍රදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයට අයත් ‍වේ.

ග‍ලෙහි නිර්මිත කුහරයක නිර්මාණය කර ඇති ‍මෙම අවලෝකි‍තේශ්වර ප්‍රතිමාව ‍‍සෙන්ටි මීටර් 383 උසින් යුක්ත ය. ප්‍රතිමා‍වේ නිර්මාණ ලක්ෂණ අනුව ක්‍රි.ව. 6 -7 සියවස්වලට අයත් වන බව පැහැදිළි ය. උඩුකය නිරුවත් වන අතර  යටිකය ‍‍දෝනියකින් යුක්ත ප්‍රතිමා‍ව අලංකාර උදර බන්ධයක් සහිත ය. ‍‍ගෙල මාල කිහිපයකින් යුක්ත ය. දැතේ වළලු හා ‍දෙප‍යේ පා සළඹ ‍වේ. දකුණු අතෙහි විතර්ත මුද්‍රාව ද වම් අතෙහි කටක හස්ත මුද්‍රාව ද සහිත ප්‍රතිමා‍වේ ජටා මතුට‍යේ අමිතාභ ධ්‍යානි බුදු‍න්ගේ රූප හතරකි. පැහැදිළිව ප්‍රතිමා‍ව ක්‍රි.ව. 6 -7 සියවස්වල ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව පැවති මහායාන ආගමික සංකල්පය ‍‍හෙළිදරව් කරයි.

අවලෝකි‍තේශ්වර ප්‍රතිමාවක්‍‍සේ පැහැදිළිව හඳුනා‍ගෙන ඇති ‍මෙහි නිර්මාණය සම්බන්ධ ව ජනප්‍රවාද කිහිපයකි. සමේ ‍රෝගයක් වැළඳී තිබූ වි‍දේශීය කුමාර‍යෙකු අග්‍රබෝධි විහාරයට වන්දනාව සඳහා පැමිණි විෂ්ණු ‍දෙවියන්ට වූ බාරයක් සඳහා ‍මෙම ප්‍රතිමාව නිර්මාණය කළ බවට ජනප්‍රවාදයක් පවතින අතරම සමේ රෝගයක් වැළඳුනු ලාංකික කුමාර‍යෙකු අග්‍රබෝධි විහාරයට බාරවී‍මෙන් පසු කුෂ්ට ‍රෝගය සුවවී‍මෙන් පසු ප්‍රතිමාව ඉදි කළ බවටද ජනප්‍රවාද පවතී. ‍කෙ‍සේ නමුත් නාථ ‍බෝධිසත්ව ප්‍රතිමාවක් ‍ලෙස ‍මෙම ප්‍රතිමාව හඳුනා ගැනීමට සාධක ඇති බැවින් ‍මෙම ජනප්‍රවාදවල යම් ආකාරයක සත්‍යයක් ඇති බව පිළිගැනීමට සිදු‍ වේ. මන්ද බෝධි සත්වයන්ට ‍රෝග සුව කිරී‍මේ හැකියාවක් වූ බව පිළිගැ‍නෙන බැවිනි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:27