බෝගොඩ පාලම

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ හාලිඇළ නගර‍‍‍යේ සිට ගල උඩ මාර්ග‍යේ ජගුල්ල මංසන්දියට සැතපුම් 02 ක් පමණ බටහිරින් වූ ‍‍‍‍‍බෝ‍‍ගොඩ රජමහා විහාරය‍ට යාමට ඇති පාළමයි. ගල්ලන්ද ඔය හරහා ‍‍යොදා ඇති දැව‍යෙන් කළ ‍මෙම පාළම නුවර යුගයට අයත් නිර්මාණ ලක්ෂණ ප්‍රකට කරන්නකි. කඳු මුදු‍නේ ඇති ගම්මාන‍යේ සිට විහාරස්ථානයට පැමි‍ණෙන ජනතාවට ගල්ලන්දා ඔ‍යෙන් එ‍‍ගොඩ වීමට ඇති දුෂ්කරතාව මඟ හරිනු වස් ‍මෙම පාලම ඉදි කොට ති‍‍බේ. පාළම ‍‍‍දෙපස බීරළු අත්වැල් ‍දෙකක් දක්නට ලැ‍බේ. එක් ප‍සෙකට කණු 10 බැගින් ‍‍‍දෙපසට කණු 20 කින් යුක්ත කණු මත පාල‍‍මෙහි වහළය නිර්මාණය ‍‍‍‍‍කොට ඇත. දිගින් අ‍ඩි 50 ක් හා පළල අඩි 06 ක් වන ‍මෙම පාලම උඩ අඩි 08 කි. ඌව පලා‍‍‍තේ දක්නට ඇති පැරණි අද්විතීය නිර්මාණයක් වන ‍‍මෙය ‍බොහෝ‍ දෙනා ‘අම්බලම් පාළම’ ‍ලෙස ව්‍යවහාර කරති.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:49