බුදුගල් ‍ගේ - කෝන් ‍කෙටිය

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයට අයත් ‍‍‍කෝන්‍‍‍කෙටිය ග්‍රාම‍යේ පිහි‍ටා ඇත.

බුත්තල - කතරගම මාර්ගයේ බුත්තල සිට සැතපුම් 4 ½ දකුණට වන්නට ‍මෙය පිහිටා ඇත.

මෙම ස්ථානය කැළ‍‍යෙන් වට වූ කඳු බෑවුමකි. එහි විශාල ගල් ‍‍ලෙ‍‍නක් ද ‍‍එම ‍ලෙනට ප්‍ර‍‍වේශ වීමට දිගු ගල් පඩි ‍‍පෙළක් ද ‍වේ. මෙම ‍ ලෙන ඇතුළත විශාල සැත‍‍‍‍‍‍‍‍පෙන බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැ‍බේ. ගලින් ‍‍‍නෙළන ලද වැඩ හිඳිනා බුද්ධ ප්‍රතිමාවක් ද මෙහි ‍වේ. ඒ හැරුණු ‍‍‍කොට රජ රුවකට සමාන ව ‍‍‍‍නෙළන ලද රූපයක් ද ‍මෙහි දක්නට ලැ‍‍බෙන අතර එය දුටුගැමුණු රාජ රුව යැයි විශ්වාස ‍කෙ‍රේ. ගල් ‍‍‍ලෙනට උතුරු දිශා‍‍‍‍වෙන් බ්‍රාහ්මීය අක්ෂර සහිත ‍‍ලෙන් ලිපි ඇති ගල් ‍‍ලෙන් කීපයකි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:48