බිදුන්කඩ

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය ග්‍රාම‍යේ පිහි‍ටා ඇත.

වැල්ලවාය ‍මොණරාගල මාර්ග‍යේ කුඹුක්කන හන්දි‍‍‍‍යෙන් දකුණට ඇති ඔක්කම්පිටිය පාරේ සැතපුම් 10 ක් ගිය විට මෙම ස්ථානයට ළඟා විය හැකිය.

අඩි 30 ක් පමණ උසට ඇති ‍‍‍චෛත්‍යයක නටබුන් ‍‍මෙහි දක්නට ලැ‍බේ. ඒ අසළම ගල් කුළුණු සහිත ‍‍‍ගොඩනැගිල්ලක අව‍‍ශේෂ දක්නට ලැ‍බේ. ‍මේ ආසන්න‍යේම ගල් කුළුණු සහිත වෘත්තාකාර ‍ගොඩනැගිල්ලක් ද ‍වේ. ‍‍‍‍මේ සියල්ල ආධාර බැම්මකින් වට වූ උස් බිමක් මත දක්නට ලැ‍බේ. එම නටබුන්වලට පිටතින් තවත් ‍‍‍‍ගොඩනැගිලි කීපයක අව‍ශේෂ සහ පැරණි ‍පො‍‍කුණක් දක්නට ලැ‍‍බේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:49