Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව අංශ පාලන පූජාභූමි සංවර්ධන

පූජා භූමි සංවර්ධන අංශය

පූජා භූමියක් යනු ජාතික, පාරිසරික, ඓතිහාසික, පුරාවිද්‍යාමත්මක හා නිර්මාණාත්මක වටිනාකමකින් යුත් දිවයින පුරා බැතිමතුන් හට ජාතික හා ප්‍රදේශීය වැදගත්කමක් සහිත ආගමික සිද්ධස්ථානයකි.

පූජා භූමි සංවර්ධන අංශයේ පරමාර්ථය

දිවයින පුරා පිහිටි ආගමික හා ඓතිහාසික වැදගත්කමකින් යුක්ත සිද්ධස්ථාන මහජන උපයෝගීතා හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සංරක්ෂණය කිරීම හා එම සිද්ධස්ථාන හා ඒ ආශ්‍රිත රැකියාවන්හි නිරතවූවන්ගේ ජීවන තත්වය නගාසිටුවීම

පූජා භූමි සංවර්ධන අංශයේ කාර්යයන්

  1. සංවර්ධනය සඳහා නව සිද්ධස්ථාන හඳුනාගැනීම.
  2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රිසක සමාජවාදී ජනර‍ජයේ ගැසට් පත්‍රය මඟින් හඳුනාගත් සර්ව ආගමික සිද්ධස්ථාන පූජා භූමි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම.
  3. එම සිදුධස්ථාන සඳහා තිරසර සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීම හා අදාළ ආයතන සමඟ එක්ව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  4. ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය මාසිකව හා ත්‍රිමාසිකව සමාලෝචනය කිරීම.
  5. සංවර්ධනය කර නිමවූ ව්‍යාපෘති එම සිද්ධස්ථාන වෙත පැවරීම.
  6. සංවර්ධනය කිරීම සඳහා අරමුදල් හිඟ ව්‍යාපෘතීන්ට දේශීය හෝ විදේශීය ආධාර ලබා ගැනීමට අරමුදල් පිහිටුවීමට කටයුතු කිරීම.
පූජා භූමි සංවර්ධන අංශයේ සංවිධාන සටහන

වැඩිවිස්තර සඳහා>>

පූජා භූමී සංවර්ධනයේ ප්‍රගතිය

පූජා භූමී සංවර්ධනයෙහි කෙටි සටහන්

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සිට මහනුවර දක්වා දිවෙන මාර්ගය අද්දර අළුවිහාරය පිහිටා ඇත. ක්‍රි:පූ:03 වන සියවසේ ඉදි කර ඇති මෙම විහාරය අතීතයේ "ආලෝක ලෙන", "අළු ලෙන" ආදි නම්වලින්ද හඳුන්වා ඇත.
වළගම්බා රජ සමයේ මෙම ස්ථානයේදී බෞද්ධයින්ගේ අත්පොත බඳු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලදී.



ඇඹුල්ගම රජමහා විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙම විහාරය ඈත අතීතයේ අරහත් භික්ෂූන් වහන්සේලා සඳහා සුප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක් විය. බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දෙතිස්ඵල බෝධින් වහන්සේලාගෙන් එක් නමක් මෙම ස්ථානයේ වැඩ හිඳී.
කලක් වල් බිහිව තිබූ මෙම ස්ථානයේ නටඹුන් රැසක් දක්නට ලැබේ.



ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ආගමික හා ඓතිහාසික වශයෙන් වැදගත්ම සිද්ධස්ථානය අත්තනගල්ල රජමහා විහාරයයි. ජනප්‍රවාද අනුව සිරිසඟබෝ රජ හා මෙම ස්ථානය අතර සම්බන්ධතාවයක් පැවැත ඇත.
පෘතුගීසි ආක්‍රමණයත් සමඟ විනාශව වල් බිහිවූ මෙම විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු නටඹුන් බොහොමයක් අදටත් දක්නට ඇත. මෙම ස්ථානයේ පිහිටා ඇති පොකුණ සිරිසඟබෝ රජු තමන් සොයා පැමිණි මඟියාට තම හිස දන්දුන් ස්ථානය ලෙස පිළිගැනීමක් ඇත. ඉපැරණි බෝධීන් වහන්සේ, දඹදෙණි දාගැබ හා කතරගම, සමන්, පත්තිනි හා නාථ දෙවිවරුන් වෙනුවෙන් ඉදිවු ‍දේවාල සතර මෙම ස්ථානයේ පිහිටි අනෙකුත් ස්ථාන වේ.



වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇත්කඳ රජමහා විහාරය පිහිටා ඇත. මෙම සිද්ධස්ථානය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජ දවස ඉදි කර ඇත. සිව්වන පරාක්‍රමබාහු රජ දවස මෙම විහාරයෙහි "මිහිඳුබා" නම් පිරිවෙණක් පිහිටා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම විහාරස්ථානයේ ගල්ගුහා දෙකක් පිහිටි බවටත්, ඵුස්සදේව මහරහතන්වහන්සේ වැඩවිසූ බවටත් විශ්වාසයක් පවතී.
සිව්වන පැරකුම්බා රජ දවස "පන්සිය පනස් ජාතකය" ග්‍රන්ථය රචනා කරන ලද්දේ මෙම විහාරස්ථ‍ානයේදීය. මෙම සිද්ධියට ගෞරවයක් ලෙස වාර්ෂික පෙරහැරක් විහාරස්ථානය මඟින් සංවිධානය කර තිබේ.




අවුකන රජමහා විහා‍රයේ පිහිටි ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෝකප්‍රසිද්ධ නිර්මාණයකි. කලා වාපි විහාරය, කලා ගල් විහාරය, කලා ගුලු විහාරය යන නම්වලින්ද ප්‍රචලිත මෙම විහාරය ක්‍රි:පූ: පස්වන ශතවර්ෂයේ ධාතුසේන රජතුමා විසින් සාදන ලද්දකි.



කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි බෙල්ලන්විල රජමහා විහාරයෙහි පිහිටි ඓතිහාසික බෝධීන් වහන්සේ ක්‍රි.පූ. 247 – 207 සමයේදී දෙවනපෑතිස් රජ දවස සිටුවන ලද්දකි.
කලින් කල වල් බිහිවූ මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1850 වසරේදී හේන්ගොඩගෙදර ස්වාමීන් වහන්සේ විසිනි.
ඈත අතීතයේදී මෙම විහාරය, බෙල්ලන්විල මහා බෝධිරාජාරාමය සහ බෙල්ලන්විල බෝධි සමීප විහාරය ලෙසද හඳුන්වා තිබේ.




බෞද්ධාගමිකයින්ගේ ඉමහත් භක්ත්‍යාරදරයට පත්ව ඇති සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපි රජමහා විහාරය අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගාමඩුල්ලේ පිහිටා ඇත.
ක්‍රි.පූ. 137 – 219, සද්ධාතිස්ස රජ දවස පුළුල් ලෙස සංවර්ධනය කළ මෙම විහාරස්ථානයේ සංඝාවාසය, ධාතු මන්දිරය හා කෞතුකාගාරයක නටඹුන් දක්නට ඇත.



රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට දෙල්ගමුවෙහි පිහිටා ඇති මෙම විහාරස්ථානය, සබරගමු විහාරය, ලබුජාගම විහාරය යන නම් වලින්ද හඳුන්වා තිබේ.
පෙර රජ දවස පූජනීය දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාව පිණිස මෙම ස්ථානයේ සුරක්ෂිතව තබා ඇති බවට සාක්ෂි පවතී.



දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පොළොන්නරුව දිස්ත්‍රික්කවයේ දිඹුලාගල පිහිටා ඇත. ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ ආරම්භ කළ මෙම සේනාසනයේ වර්ත‍මානයේ නටඹුන් වූ දාගැබ්, පොකුණු කැටයම් හා ගල්ගුහා දක්නට ඇත. මෙම ඉපැරණි විහාරය ක්‍ර.පූ. පස්වන සියවසෙහි මහානාම රජු විසින් ඉදිකරන ලද බවට විශ්වාසයක් පවතී.


අතිපැරණි දාගැබක් සමඟ ආගමික වටිනාකමක් සහිත ගොඩනැගිලි කිහිපයකින්ද සමන්විත එගොඩකැලණිය රජමහා විහාරය කැළණි ගං ඉවුරේ පිහිටා ඇත.
මෙම විහාරස්ථානය කැළණිය රජමහා විහාරය හා බද්ධ වූවකි. කැළණි ගඟ හරහා ඉදිවූ නව පාලමත් සමඟ මෙම සිද්ධස්ථානය කරා ඇදෙන බැතිමතුන් සංඛ්‍යාව වැඩිවී ඇත.



ගෙඩිගේ විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ අස්ගිරියේ පිහිටා ඇත. දන්තධාතූන් වහන්සේට කෘතගුණ සැළකීම පිණිස සංවිධානය කරනු ලබන ඇසළ පෙරහැරේ අවසන් දිනය ආරම්භ වන්නේ මෙම විහාරස්ථානයෙනි. ගෙඩිගේ රජමහා විහාරයෙහි මූර්ති කලාව දකුණු ඉන්දීය විජය නගර් සම්ප්‍රාදාය පිළිබිඹු කරයි.
ජනප්‍රනවාද අනුව මෙම විහාරස්ථානය "චන්ද්‍ර වතී විහාරය" සහ "දළදා ගමන් මාලිගා විහාරය" ලෙසද හඳුන්වා තිබේ. තම ගුරුතුමාට කෘතගුණ සැළකීමක් ලෙස තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි‍.ව.1358 - 1374) විසින් මෙම පූජනීය ස්ථානය සාදා පිරිනමා ඇත.
පළමුවන විමලධර්මසූරිය රජු, දෝනකතිරිනා සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජු වැන්නවුන්ගේ ආදාහන මළුව ලෙසද මෙම ස්ථානය යොදාගෙන ඇත.



හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට පිහිටා ඇති ගිරිහඬු විහාරය කාවන්තිස්ස රජතුමා විසින් ක්‍රි.පූ. දෙවන ශතවර්ශයේදී ඉදි කර ඇත. මෙම දාගැබ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසක දෙපළ වන තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් හට පිළිගැන්වූ උන්වහන්සේගේ කේෂධාතූන් නිධන් කොට ඉදි කරන ලද්දකි.
තවද ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේදී සාදන ලද අවලෝකිතේෂ්වර බුදු පිළිමයක නටඹුන්ද මෙම ස්ථානයෙන් සොයාගෙන ඇත. මීට අමතරව විහාර ගෙයක, ධර්ම ශාලාවක, හා සංඝාවාසයක නටඹුන්ද දක්නට ඇත.




ශ්‍රී ලංකාවාසී බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයට පත්ව ඇති කතරගම රජමහා විහාරය මොණරාගල දිස්ත්‍රික්කයේ මැණික් ගඟ අසබඩ පිහිටා ඇත.
කතරගම දේවාලය පිටුපස පිහිටා ඇති පූජනීය බෝධීන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැනනැගි අෂ්ඨපළ බෝධීන් වහන්සේ නමක් ලෙස විශ්වාසයක් පවතී.
ශ්‍රී ලංකාවාසීන්ගේ ඉමහත් භක්ත්‍යාදරයට හා වන්දනාවට පාත්‍රවූ කතරගම දෙවියන් අතීතයේ ලක්දිව රජ කළාවු මහසෙන් රජතුමා ලෙස සැළකේ. වන්දනා සමයේ බැතිමතුන්ගෙන් පිරී පවතින මෙම පුදබිමෙහි වසරක් පාසා කතරගම දෙවිඳුන් උදෙසා පෙරහැරක් පවත්වනු ලැබේ.
කිරිවෙහෙර, වැඩසිටි කන්ද සහ සෙල්ල කතරගම මෙම පුදබිමෙහි ඇති ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන අනෙකුත් පුදබිම් වේ.



උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි කොඩිගලකන්ද ආරණ්‍යය සේනාසනය මිහිඳු මහ රහතන් වහන්සේගේ සමයේ ඉදිවූවකි. පසුකාලීනව කාලිංඝ මාඝ සමයේ සිදු වූ විදේශීය ආක්‍රමණවලින් විනාශ වී වල්බිහිවී ජරාවාසව ඇත.


බෞද්ධාගමිකයන්ගේ ඉමහත් භක්ත්‍යාදරයට පත්ව ඇති මෙම විහාරය බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ලොවුතුරා බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසකට පසු ලක්දිවට පැමිණි පළමු අවස්ථාවේ වැඩම කළ ස්ථානයකි. බෝධිවංශයේ ඇතුළත්වන කරුණුවලට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ පිහිටුවා ඇත.


මාලිගාවිල රජමහා විහාරය මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල අක්කර 200 ක පමණ භූමි භාගයක් තුළ පිහිටා ඇත. ඈත අතීතයේ අරියකර විහාරය, අරිතොට විහාරය, ආරියකරි හා ආරියකර යන නම්වලින්ද හඳුන්වා ඇත.
මෙම විහාරයේ පිහිටි වැදගත්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටඹුන් වන්නේ මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ වේ.
ආසියා මහද්වීපයේ පිහිටි උසම බුද්ධ ප්‍රතිමාව ලක්දිව පිහිටි අග්‍රබෝධි රජු විසින් සාදන ලද මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව වේ. (ක්‍රි.ව. 564 - 598)




හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඳු ගැටයක් මුදුනේ ගිරිවා පත්තුවේ පිහිටි මුල්කිරිගල රජමහා විහාරය දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද්දකි. පසුව පසුව කලින් කල ජරාවාසව වල් බිහිවූ මෙම විහාරස්ථානය කාවන්තිස්ස හා දුටුගැමුණු ආදී රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
භාවනා භූමි 25කින් පමණ සමන්විත මෙම භූමිය පහතරට මුල්කිරිගල පරම්පරාවෙහි මධ්‍යාස්ථානය ලෙස සැළකේ. මුල්කිරිගල රජමහා විහාරයෙහි ඇති බිතුසිතුවම් ලෝක ප්‍රසිද්ධ වී ඇත.
ඈත අතීතයේ මන්ත්‍ර ගුරුකම් සඳහාද මෙම විහාරස්ථානය ප්‍රසිද්ධ වී තිබේ.




ලක්දිව පිහිටි සොළොස්මස්ථානයන්ගෙන් එක් පුදබිමක් වන මුතියංගන රජමහා විහාරය බුදු හිමියන් තෙවන ලංකාගමනයේදී වැඩම කරන ලද පුදබිමකි.


නවගමුව රජමහා විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. පුරාණ පත්තිනි දේවාලය සහ සුගත පින්බර විහාරයද මෙම පුණ්‍ය භූමියේ පිහිටා තිබේ. අනුරාධපුර යුගයේ ඉදිකිරීමක් වූ මෙම පුණ්‍ය භූමිය සතුරු ආක්‍රමණ හමුවේ වල්බිහිව නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබූයේ මායාදුන්නේ රජු විසිනි.


ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රදේශයේ කඳු ගැටයක මුදුනේ පිළීක්කුත්තුව රජමහා විහාරය පිහිටා ඇත. ක්‍රි.පූ. පළමු හා තෙවන ශතවර්ෂ අතර කාලයේ අග්ගි භූත නම් තැනැත්තකු විසින් භාවනා කුටි 99කින් පමණ සමන්විත මෙම විහාරය මහා සංඝයා විෂයෙහි පූජා කොට ඇත. දිවයිනේ පිහිටි වැඩිම භාවනා කුටි ප්‍රමාණයකින් සමන්විත පූජා භූමිය පිළික්කුත්තුව රජමහා විහාරයයි.
මෙම සිද්ධස්ථානයෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලන්දේසි ආභාෂය ලත් දැවෙන් නිම කළ පාලමයි.



රැස්වෙහෙර නොහොත් ‍සෙස් වෙහෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. දෙතිස්ඵල බෝධි වෘක්ෂයක් පිහිටි මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ ජනප්‍රවාද රැසක් පවතී. ජනප්‍රවාදවලට අනුව එම බෝධි අංකුරය රෝපණය කිරීමේදී මුළු ප්‍රදේශයම ආලෝක රශ්මියෙන් නැහැවී ඇතැයි කියැවේ. එබැවින් දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ මෙම පූජා භූමිය රැස්වෙහෙර ලෙස නම් කර ඇති බව කියැවේ.



ඉන්දියාවේ ප්‍රදේශීය බල ප්‍රදේශයක් වන බෝපාල්හි පිහිටි සාංචි ස්ථූපය අශෝක අධිරාජ්‍යයා විසින් ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේදී සාදා නිමකරන ලද්දකි. එහි සැළැස්ම හා ගෘහ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම ලක්දිව මිහින්තලය සමග සමීප සම්බන්ධයක් පෙන්නුම් කරයි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් සාංචි ස්තූපය ලොව හොඳම සංරක්ෂිත බෞද්ධ භාවනා අසපුව ලෙස හඳුනාගෙන එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කොට ඇත
.



ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකරන ලද චෛත්‍යය පිහිටා ඇති සේරැවිල මංගල රජමහා විහාරය සකළ ලංකාවාසී බෞද්ධ ජනතාවගේ අතිමහත් භක්ත්‍යාදරයට පත්ව ඇත.
ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ කාවන්තිස්ස රජු විසින් ඉදි කරවන ලද දිවයිනේ පුරාණතම දාගැබ වන මෙය සොළොස්මස්ථාන වලින් එකකි.
ආගමික හා සංස්කෘතික වටිනාකමකින් යුක්ත මෙම විහාරස්ථානය කලින් කල අභ්‍යන්තර හැලහැප්පීම් හේතුවෙන් ගරාවැටී ඇත. අක්කර දහසක භූමියක පිහිටි වල් බිහිවූ මෙම විහාරය 1992 වසරේදී දඹගස්ආරේ සුමේධංකර නාහිමි විසින් නැවත පිහිටුවන ලදී.



ඓතිහාසික ජනප්‍රවාදවලට අනුව සිතුල්පව්ව රජ මහා විහාරය "චිත්තල පබ්බත" හා "කිතල් පවත වෙහෙර" ලෙස ඈත අතීතයේ හදුන්වා ඇත. කාවන්තිස්ස රජු විසින් (ක්‍රි‍.ව. 209 - 164) සාදන ලද මෙම විහාරය යාල වනෝද්‍යානය තුළ සන්සුන් නිස්කලංක පරිසරයක පිහිටා ඇත. මෙය දොළොස් දහසක පමණ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ආරාමයකි.
පසුකාලීනව මෙම භූමියෙහි වසභ රජු විසින් ස්ථූප දහසක් පමණ ඉදි කරන ලදී. මෙම වෙහෙර වට කොට තිසා වැව ඉදිකරන ලද්දේ කණිෂ්ක තිස්ස රජු විසිනි.

විහාර භූමියෙහි නොයෙක් ඉපැරණි කැටයම් හා මූර්ථිවල නටඹුන් දක්නට ලැබේ.



ගෞතම බුදුරදුන්ගේ අතිපූජනීය දන්ත ධාතූන් වහන්සේ නමක් වැඩ සිටී යැයි විශ්වාසයක් පවතින සෝමාවතිය චෛත්‍යය ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ගේ පූජනීයත්වයට පත් පුදබිමකි.
වසර 2100ක පමණ ඉතිහාසයක් ඇති මෙම දාගැබ කලින් කල සතුරු ආක්‍රමණවලට ලක්ව ජරාවාසවී වර්තමානයේ ගෘහ නිර්මාණ, බිතුසිතුවම්, ගොඩනැගිලි හා ස්මාරකයන්හි නටඹුන් රැසක් දැක ගත හැකිය.




ශ්‍රී පාදය සමනළ කඳුවැටියෙහි කෝණික හැඩැති කඳු මුදුනක පිහිටා ඇත. ලොව්තුරා බුදුරදුන් තෙවනවර ලක්දිවට වැඩමකළ අවස්ථාවේ ශ්‍රී පාදස්ථානයට වැඩි සේක. බුදුරදුන් තමන්වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය සමනොළ ගිරි සිර‍සෙහි පිහිටුවා ඇත. මෙම ගිරි ශිඛරය සමන්තකූඨ, සමනළ කන්ද, සුමනකූඨ හා ආදම්ගේ කන්ද ලෙසද හැඳින්වේ.
ජනප්‍රවාදවලට අනුව මෙම පුදබිමෙහි භාරකාරත්වය සුමනසමන් දිව්‍යරාජයා සතුව ඇත. උඳුවප් පොහොයත් සමග ඇරඹී වෙසක් පුන් පොහෝ දිනෙන් අවසන් වන සිරිපා වන්දනා සමයේදී දහස් ගණන් සමනළයින් මෙම කඳු මුදුනට ඇදී එයි.




මධ්‍යම පළාතේ මහනුවර පිහිටා ඇති දළදා මාලිගය ලෝක උරුමයක් ලෙස නම්කර ඇත. එහි ඇති සුන්දරත්වය හා සෞභාග්‍යය හේතුවෙන් මෙම සිද්ධස්ථානය පිහිටි ප්‍රදේශය සෙංකඩගලපුර සහ ශ්‍රී වර්ධනපුර යන නම්වලින්ද හඳුන්වා ඇත.
දළදා ගේ නමින් හඳුන්වන ශ්‍රී දළදා මාලිගාව ඉදිකරන ලද්දේ පළමුවන විමලධර්සූරිය රජතුමා විසිනි. එනමුත් පත්තිරිප්පුව හා මනස්කාන්ත බෝගම්බර වැව ඉදිකරන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසිනි.

ttanagalle Raja Maha Viharaya is the most important religious and historical sacred place in Gampaha district.Legend reveals a realtionship with King Sirisangabo. Attangalle Raja Maha Vihara was destroyed by Portuguese and went wilderness.

There are many monuments depicting the historical importance of this sacred place. Pond made at the place where King Sirisangabo offered his head to the passenger, Ancient Bo tree, Dambadeni Dagaba and the Devalas for God Kataragama, Saman, Paththini and Natha are other important places