Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව අමාත‍්‍යවරු ගරු රෝහණ දිසානායක පා.ම. චරිතාපදානය

චරිතාප්‍රදානය

ගරු රෝහණ දිසානායක මැතිතුමා 1958 මාර්තු 09 දින උපත ලැබීය. ව්‍යාපාරිකයෙක් වු එතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාර්ගයෙන් දේශපාලනයට පිවිසියේය. 1991 දී එතුමා මාතලේ මහ නගර සභාවට ඡන්දයෙන් පත් වී විපක්ෂ නායක තුමා ලග සේවය කළේය. 1997 පොදු ජන එක්සත් පෙරමුණ මාර්ගයෙන් නැවත පත් වු එතුමා , මා‍තලේ නගරාධිපති ලෙසද පත් විය. 2001 දී එතුමා මා‍තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් විය.

වර්ෂ 2004 දී පැවැත්වු මහ මැතිවරණයට මුහුණ දුන් එතුමා, මා‍තලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීව‍රයෙක් ලෙස පත් විය. එම වසරේම සමෘධි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති ලෙස ද පත් විය. වර්ෂ 2005 දී එතුමා නාගරික සංවර්ධන හා ජල සම්පාදන නියෝජ්‍ය ඇමති ලෙසත්, මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් පත් විය. වර්ෂ 2007 දී නාගරික සංවර්ධන ඇමති ලෙස පත් විය.

තම දේශපාලන ගමනට අමතරව එතුමාට, තම දිස්ත්‍රික්කය තුළින්, මුලු රට තුළින් කැපි පෙනිමට සමත් ජිවිතයක් ද එතුමා සතුය. ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ සභාපති ලෙසත්, ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ සභාපති ලෙසත්, ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ  “තොටිල්ල”  ලෙස හැදින්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ හොකී සංගමයේ සභාපති ලෙසත් එතුමා ක්‍රියා කරයි. එතුමා ලෝක බෞද්ධ සංඝ තරුණ සංගමයේ ගිහි සභාපති තුමා ලෙසත් ක්‍රියා කරයි.