ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශය සංවර්ධනය කෙරෙහි වගකියනු ලබන රාජ්‍ය ආයතන වනුයේ නාගරික සංවර්ධන හා පුජා භුමි සංවර්ධන අමාත්‍යාංශය යටතේ එන ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශයයි. ග්‍රාමිය ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශය ලෝක බැංකුව ජාත්‍යාන්තර සබඳතා පිළිබඳ ප්‍රජා පාන බැංකුව නර්ෂක - ශ්‍රී ලංකා රජය සහ ප්‍රතිලාභින්ගේ මුල්‍ය දායකත්වය ඇතිව දිස්ත්‍රික්ක 13ක විශාල පරිමාණයේ ප්‍ර ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති 2ක් ක්‍රියාත්මක කිරීමට භාරගෙන ඇති. මෙම ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ බිමට සුදුසු ජලය සනීපාරක්ෂාව සෞඛ්‍ය අධ්‍යනය හා පාරිසරික වැඩසටහනක් වැනි ප්රතිලාභ ඉලක්ක ප්‍රජාවට ලබා දීමේ සහ ඔවුන් සමාජ ආර්ථික හා සංස්කෘතික අංශයක් වෙත යොමු කරවීමේ අරමුණ ඇති විය. මෙම ඒකාබද්ධ ප්‍රවේශය මීට පෙර පළමු ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේද භාවිතා කොට ඉතා සාර්ථක බව සොයාගෙන ඇති. එම නියමු ව්‍යාපෘතිය ලෝක බැංකුව මගින් ලොව වටා ක්‍රියාත්මක වු ව්‍යාපෘතිය ලෙස නම් කරන ලදී. පළමු ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය හරහා අත්හදා බැලු මෙම නවමු ප්‍රවේශය පාදක කොට ගනිමින්ද ජාතික ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිපත්තිය සකස් කරන ලද අතර එය දැන් රට පුරා ක්‍රියාකරකම් කෙරෙමින් පවතියි.
අරමුණ
ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ සමස්ත අරමුණ වනුයේ සුරක්ෂිත පානීය ජලය ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සෞඛ්‍ය පුරුදු පරිසර සංරක්ෂනය සහ ආර්ථික සමාජීය ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය තුළින් ග්‍රාමීය සහ වතු ප්‍රජාවගේ දරිද්‍රතාවය අවම කොට ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
ප්‍රජා ජල සම්පාදනය ගැන වැඩිදුර...